Press "Enter" to skip to content

ටොයෝටා වාහන ගන්න අවුරුදු 4ක් බලන් ඉන්න වෙයි

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන්නේ ජපානයේ ටොයෝටා සමාගම යි.

1951 වසරේදී එළිදක්වා ඇති ලෑන්ඩ් කෲසර් රථය, ඉතා වැඩි ඉල්ලුමක් ඇති සුඛෝපභෝගී වාහනයක් ලෙස පෙරමුණේ තිබේ.

විශේෂයෙන් ම ධනවත් පුද්ගලයින් අතර ජනප්‍රියම වාහනයක් වන්නේ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයයි.

නමුත් එම සමාගම නිවේදනය කර ඇත්තේ අලුතෙන් ම Land Cruiser SUV රථයක් මිලදී ගැනීම සඳහා වසර 4ක් පමණ බලාසිටීමට සිදුවිය හැකි බවය.

එම පමාවට හේතුව “චිප්” හිඟය හෝ සැපයුම් ජාලවල ඇති ගැටලු නොවන බව ටොයෝටා සමාගම පවසයි.

නමුත් ඊට නියම හේතුව හෙළිකිරීම ටොයෝටා සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර සිට වෙබ් අඩවියෙහි නිවේදනයක් පළකරමින් ටොයෝටා සමාගම පැවසුවේ කොවිඩ් වෛරසය හේතුවෙන් ජපානයේ ඇති කර්මාන්ත ශාලා 11ක නිෂ්පාදන ධාරිතාව අඩුකිරීමට තීරණය කළ බවය.

“ලෑන්ඩ් කෲසර් රථය ජපානයේ පමණක් නොව ලොව බොහෝ රටවල ජනප්‍රියයි. නමුත් අපි සමාව ඉල්ලනවා, ඔබේ වාහනය ලබාදෙන්න අපිට කල්ගත වෙනවා.”

More from GossipMore posts in Gossip »