Press "Enter" to skip to content

ගෝනියකින් මතුවූ සුරූපි නිළියගේ මළ සිරුර

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක දමා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබූ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ Raima Islam Shimu නම් 45 හැවිරිදි වියේ පසුවූ සුරූපී නිළියක් වන අතර ඇය ඉකුත් ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට වාර්තා පළවුනා.

ඇයගේ සැමියා විසින් තම බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු අතර පසුව පොලිසිය Raima සොයා විමර්ශන ආරම්භ කළ අතර එහිදී ඇයගේ සිරුර ඩකා හි Keraniganj පාලම ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

එරට ආරක්ෂක අංශ සැකපළකරන්නේ මෙම ඝාතනය ඉරිදා දින සිදුකර පසුව එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් Raimaගේ සැමියා සහ ඔහුගේ රියදුරු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

එරට අතිෂය ජනප්‍රිය නිළියක් වන ඇය මේ වනවිට චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

More from GossipMore posts in Gossip »