Press "Enter" to skip to content

ජනප්‍රිය ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ ගායිකාවක වන නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 72 හැවිරිදි වියේ පසු වූවා ය.

ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේ, ඉතාලියේ මිලානෝහිදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව ය.

නීලා වික්‍රමසිංහ මහත්මිය මිලානෝහි නව කොන්සල් ජනරාල්වරිය ලෙස පසුගිය 10 වන දා වැඩ භාර ගත්තා ය.

එලෙස වැඩ භාර ගැනීමෙන් දින 7කට පසුව ඇය අභාවප්‍රාප්ත වූ බව කීර්ති පැස්කුවෙල් මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.