Press "Enter" to skip to content

ටික්ටෝක් මුවාවෙන් කුඩා දැරියක් අපයෝජනය කල කිරි සමනා රිමාන්ඩ්

ටික් ටොක් කිරි සමන් ලෙසින් සමාජ මාධ්‍යය තුළ තුල ප්‍රසිද්ධ ඕශක නිරාන් (22) නැමති තරුණයා අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කර බන්ධනාගාර ගත වී ඇති බව එක්සත් මානව හිමිකම් සංවිධානය කියයි.

ඔහුගේ මිතුරකු වන මොහාන් ද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවට තවදුරටත් එම සංවිධානය පවසන අතර මෙම දැරියගේ දෙමව්පියන් දෙදෙනාම ගොළු පුද්ගලයන්‍ බවද කියයි ඒ පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ සටහන් පහතින්

උපුටා ගැනීම – වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (ඨෛඛ් ඨ්Oඛ් කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත. මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගලයන්‍ ය.

කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ.

මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ. මේ අයව අද (2022/01/15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022.01.19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත. ඨෛඛ් ඨ්Oඛ් මේ වන විට ළමයින්ගේ මාරයෙක් වී ඇති බව පෙනේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඨෛඛ් ඨ්Oඛ් අත් හිටුවිය යුතු තත්වයක පවතී

. ඨෛඛ් ඨ්Oඛ් කිරීමට පාසැල් නිළ ඇදුමෙන් ගිය සිසුවියක් අපයෝජනයට ලක්වී අද මුල්ලේරියාව රෝහලේ සිටිනා බවද වාර්ථා වී ඇත. වගකිවයුතු සියළු දෙනාගේ අවධානය මේ පිළිබඳව යොමුවිය යුතුය. කාළයෙන් කාළයට අපේ ළමයින්ව ගිල දැමීමට එන මාරයන් ගැන දෙමව්පියන්ද අවබෝධයෙන් හා අවදානයෙන් සිටිය යුතු අතර , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්ම ළමයින් වෙනුවෙන් සේවය කරනවා යැයි කියනා ආයතන , සියළු සිවිල් සංවිධාන විසින් සමාජය දැනුවත් කිරීමෙහි පුළුල් දීර්ගකාලීන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුමය.

271825929 4840524056041666 4674635341463854341 n
269278867 227573479529463 4735188688614086858 n
More from GossipMore posts in Gossip »