Press "Enter" to skip to content

“තාත්තා කාවහරි දමිමලා මාව දූෂණය කරන්න හැදුවේ”සමලිංගික වූ පාපයට වන්දි ගෙවූ යුවතිය

“සමලිංගිකත්වය” කියන්නේ බොහෝ දෙනෙක් පිළිකුල් කරන, තවත් පිරිසක් ප්‍රසිද්ධියේ කතා කරන්න අකැමැති මාතෘකාවක්.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක “නීතියට සහ සංස්කෘතියට පටහැනියි” කියන නිසාම බොහෝ දෙනෙක් සමලිංගිකත්වය “පාපයක් හෝ ශාපයක්” විදිහටත් අර්ථ ගන්වනවා.

මේ කතාව ඔබට කියන්න, අපි ඔබව එක්කගෙන යනවා අසල්වැසි රටට. ඔව් ! ඉන්දියාවට !!

ඉන්දියාව අද වෙනස් වුණත් එදා තිබුණේ හාත්පසින්ම වෙනස් පෙනුමක් ගත්ත ඉන්දියාවක්. මේ කියන ඉන්දියාවේ මිනිස්සු සමලිංගිකයින් පිළිකුල් කළා වගේම ඒක “දේව ශාපයක්” බව විශ්වාස කළා.

අපේ කතාවේ කතා නායිකාව, සෝනියා සිංහාල්. ඇයත් මේ අපි කියන “සමලිංගිකත්වයට” නෑකම් කියන කෙනෙක්.

“ඔයාට සාමාන්‍ය අවයව ඔක්කොම තියෙනවා. ඔයාගේ ඇඟේ කිසිම ප්‍රශ්නයක් නැහැ” පියා ඇයව අස්වසන්නෙ එහෙමයි.

කොහොම වුණත් ඇය ඇගේ නිවසින් පලා යනවා. ඒ පියා තමන්ව බලහත්කාරයෙන් විවාහ කර දේවී කියන භීතියෙන්..

“මම බයවුණා තාත්තා මාව කාටහරි බලෙන් බන්ඳයි කියලා. නැත්තම් මගේ ලිංගිකත්වය වෙනස් කරන්න ඔහු මාව කවුරු හරි ලවා දූෂණය කරන්න ඉඩ තිබ්බා. මම පැනලා ගියේ ඒ බයෙන්… මගේ දෙමව්පියන් මම සමලිංගික වෙනවට කැමති වුණේ නැහැ…”

අවසානයේ ඇයට දිල්ලි උසාවියක් ආරක්ෂාව ලබා දුන්නා. ඇයට මෙන්ම සමලිංගික ප්‍රජාවටද ඉමහත් උපකාර කළ නීතිඥ මනුරාජ් ශුන්මුගසුන්දරම් ඉතිහාස ගත වුණා.

මෙසේ සෝනියා ඇගේ සම්බන්ධකම් රහසේ තබා ගැනීමට, දෙමව්පියන්ගෙන් වසං කරගැනීමට විශාල යුද්ධයක් කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »