Press "Enter" to skip to content

බල්ලන් සපාකෑ බිළිඳු මළ සිරුරක් රඹුක පාසල අසලින් සොයාගනී

බල්ලන් විසින් අතපය කා දමා තිබූ බිළිඳු සිරුරක් රක්වාන පොතුපිටිය රඹුක පාසල ඉදිරිපිට මාර්ගයේ තිබියදී සොයාගත් බව පොතුපිටිය පොලිසිය පවසයි. පෙරේදා 11 පස්වරුවේ මෙම සිරුර ගැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිට ලද තොරතුරක් අනුව ඔහු ඒ ැන සොයා බලා පොතුපිටිය පොලිස් ස්ථානයට දැනුම් දී තිබේ. පොතුපිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එන්. රංජිත් විජයගුණවර්ධන මහතා පැවසුවේ බිළිඳු සිරුරේ කොටස් බල්ලන් විසින් කා දමා ඇති බව පෙනෙන්නට තිබූ බවයි.


බිළිඳු සිරුර ගැන රත්නපුර මහෙස්ත‍්‍රාත්වරයා මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඊයේ 12 වැනිදා සිදු කළේය. රත්නපුර ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛi පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත අතර ඉන් පසු මෙම සිරුරේ වයස ගැන නිශ්චිතවම පැවසිය හැකි බවත් පොලිසිය පවසයි.

සිරුර ගෙනවිත් දැමුවේ කවුදැයි සොයා පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි. ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ද මේ ගැන දැනුම් දී ඇති අතර එමගින් බිළිඳු සිරුර ප‍්‍රසූත කළ මව සොයා ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

More from GossipMore posts in Gossip »