Press "Enter" to skip to content

ජනප්‍රිය නිළි සංගීතා දේශපාලනයට?

සංගීතා වීරරත්න කියන්නේ අපේ රටේ සිටින සිනමාවේ සිටින ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.

වයස අවුරුදු 16දී, එනම් 1990 වසරේදී ඇය රෝයි ද සිල්වා මහතාගේ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනා. පසුව 1993 වසරේදී කමල් අද්දරආරච්චි සමඟ රඟපෑ එච්.ඩී.ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටියෙන් සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල ඉමහත් සාර්ථකත්වයක් හිමි කරගත්තා.

වර්තමානය වන විටදී චිත්‍රපටි 50කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන සංගීතා ලාංකික සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය මෙරට චිත්‍රපටි කලාකරුවෙකු වූ තිමති වීරරත්න මහතාගේ පවුලේ දෙවන දියණියයි. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු පානදුර ශාන්ත ජෝන් පාසලෙන්ද, ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන්ද හදාරා තිබෙනවා.

2001 වසරේ තිරගත වූ බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදු කල විශිෂ්ඨ රංගනය හේතුවෙන් එම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය සම්මානය දිනා ගැනීමට සංගීතාට හැකි වුනා.

එම සම්මාන උළෙලේම 2001 සිට 2003 වසර දක්වා ජනප්‍රියම නිලිය සම්මානය හිමිකරගන්නටද ඇයට අවස්ථාව ලැබුනා. ඇගේ රංගන දිවියේ වැදගත්ම චිත්‍රපටි ලෙස සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සළෙලු වරම සහ ධීවරී යන චිත්‍රපට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව 2006 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල සෙව්වන්දි චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ද ඇයයි.

ඉතින් සිනමාවේ මෙවන් දස්කම් පෑ ඇය විවාහ වුනේ සියත ටීවී නාලිකාවේ අධිපති වන රොෂාන්ත කාරියප්පෙරුම සමඟයි. ඉතින් දැන් ඇය පුංචි දියණියකගේ මවක් වනවා. කොහොම නමුත් පහුගිය දිනක ඇය රංගනයෙන් දායක වුනු අලුත්ම චිත්‍රපටය වන “කවුරුත් දන්නේ නෑ” සිනමා පටය තිරගත වීමත් සමඟ ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පුවත්පතක් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

මුලින්ම කියන්න ඕනේ ලෝක වාසී සියලු දෙනාම වගේ අසීරු දුෂ්කර කාල සීමාවක් ගත කරන්නේ. ස්වභාවය එසේ තිබියදී අපි හැමෝම සියලු දේ සුබවාදීව මුහුණදීම වැදගත් කියලයි මට හිතෙන්නේ. ඒ සුබවාදී ආකල්පය අනාගතයට හරිම වැදගත්. මාත් ජීවිතය ගත කරන්නේ ඒ විදියටයි. දුවගේ වයස දැන් අවුරුදු 11ක් වෙනවා. ඒත් එයා මේ ලෝක වසංගත තත්ත්වය හමුවේ අනෙක් ළමුන් මෙන් පාසල් ගිහින් නැහැ.

අපේ පවුලේ රෝෂනුයි දුවයි මායි අපි තුන්දෙනා විතරක් නොවෙයි. රොෂාන්ගේ අම්මා මගේ බෑණලා ඔකෝමලා ඉන්නවා. ඒ නිසා කොයි වෙලාවකවත් පාළුවක් දැනෙන්නේ නැහැ. පිරිසක් ඉන්නවට මම හරි ආසයි. මුළු ගෙදරම පිරිලා. මොන ප්‍රශ්නයක් ආවත් ඒ දේ බෙදාහදා ගන්න පිරිසක් ඉන්නකොට ඒක ලොකු ශක්තියක්. ඒ ශක්තිය එක්ක පසුගිය වසර දෙකක කාලය ගෙවුණාදෝ කියලා නොසිතෙන තරමට තමයි ගෙවී ගියේ. අපේ දුව මගේ ළඟට ඇවිත් අම්මා මට 2022 කියලා කියන්න එපා. මොකද මට ඒක ඔළුවට එන්නේ නැහැ. මේ හැමෝම එක්ක ගතකළ කාලය කොච්චර සුන්දරද කියලා. ඉතින් අපි සතුටින්.

ඉතින් ඒ වගේම මම මේ කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටයේ රඟපෑම බාර ගත්තේ හරිම සතුටින්. මට මතක විදිය ඝරසරප චිත්‍රපටයෙන් පසුව මේ චිත්‍රපටයට දායක වුණේ. ඊට අමතරව තිරගත වීමට නියමිත ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණයක් වන ජීවා චිත්‍රපටයේ රඟපෑම් වලට එක්වුණා.

ඇත්තටම දැන් රිදී තිරයට වඩා, පුංචි තිරය ප්‍රේක්ෂකයාට සමීපයි. ඉතින් ඒකටත් හරියන විදියට වැඩ කළොත් හොඳයි කියලා දැන් මට හිතෙනවා. ඉතින් ඒ වගේම බෙනට් රත්නායකයන්ගේ පළමු චිත්‍රපටයේ සිට මම රංගනයෙන් දායක වුණා. එදා අස්වැසුම චිත්‍රපටයේ රඟපෑම නිසා මම පළමුව හිමිකරගත් හොඳම සහ ජනප්‍රියම සමාන මට ලැබුණා. ඒක හොඳ මතකයක්. කොහොමටත් දේශපාලන චරිතයක් රඟපෑමේ කිරීමේ කැමැත්ත මගේ යටි හිතේ තිබුණු දෙයක්. ඒ කැමැත්ත තවම තියෙනවා. මොකද කවුරුවත් දන්නේ නෑ. චිත්‍රපටයේ මම රඟපාන්නේ බොහොම සුළු කොටසක් විතරයි.

හැබැයි සැබෑ ජීවිතයේදී රඟපාන්න බැහැ, සැබෑවක්ම කරන්න ඕනෑ. ඊට වඩා තිරයේදී චරිතය රඟපෑම ලෙහෙසියි. ඇත්තටම මෙහෙමයි, දේශපාලනයට ආවොත් ඒක රඟපෑමක් කරන්න බැහැ. එහෙම කරනවා නම් ඒ දේශපාලන චර්තයේ ජීවත් වෙන්න ඕනෑ. ඊට වැඩිය මට චිත්‍රපටයක දේශපාලන චරිතයක් රඟපෑම ලෙහෙසියි.

ඇත්තටම එහි තියෙන වගකීම විශාලයි. දේශපාලනය නොකළාට අපි මිනිස්සු එක්ක වැඩ කරලා පරිපාලනය කරලා තියෙනවා. ව්‍යාපාර පරිපාලනය කරලා තියෙනවා. සමාජ සත්කාරවල යෙදෙනවා. ඒ සුළුවෙන් කරද්දී එහි වගකීම විශාලයි. දේශපාලකයකු වී නම්, ඒක ඊට වඩා තදින් දැනේවි කියලයි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය වශයෙන් පවසලා තිබුනේ.

source- am.lk

More from GossipMore posts in Gossip »