Press "Enter" to skip to content

STF ඉතිහාසය වෙනස් කළ කුමාරි

විශේෂ කාර්ය බලකායට ප්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

ප්‍රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

1997 ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් ලෙද ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

එමෙන්ම අවස්ථා ගණනාවකදී ප්‍රභු ආරක්ෂක රාජකාරියේද නියැලි ඇති ඇය නිදහස් උත්සව පෙලපාලියේ කාන්තා කණ්ඩායම් අණදෙන නිලධාරිණිය ලෙසද කටයුතු කරයි.

එන් ටී එන් කුමාරි මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපතිඋපාධිද හදාරා ඇත.

ඇය සමඟ තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද සෙසු පිරිස අතර ඩි.එස්.කුලසේකර, ඒ.පි. සම්පත් කුමාර, එස්.ටි.පෙරේරා,ඩි.එස්.සිල්වා,කේ.ජි නිශාන්ත,ඒ එම් දයාරත්න,ඒ.පි.කුලරත්න,කේ.ඩි.ගුණරත්න යන නිලධාරීන්ය.

More from GossipMore posts in Gossip »