ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථනය හරහා ලිංගික අවයව පිළිබඳ පාසල් දැරියන්ගෙන් විමසීම් කළ දෙදරු පියකු අත්අඩංගුවට ගත් බැව් පිටිගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරළුහේන, ගංඉම ප්‍රදේශයේ පදිංචි 29 වැනි වියේ පසුවන අයෙකි. මෙකී පුද්ගලයා පාසල් දැරියන්ගේ දුරකථන අංක සොයාගෙන සිය ජංගම දුරකථනය මගින් කතාකොට සෞඛ්‍ය පාඩමක් උගන්වන මුවාවෙන් ලිංගික අවයව පද්ධති පිළිබඳ විමසා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙකී පුද්ගලයාට එරෙහිව පාසල් දැරියන් 06 දෙනකු විසින් පොලිසියට පැමිණිලිකොට ඇති බවද පොලිසිය කියයි. මින් පාසල් දැරියන් 04 දෙනකු පිටිගල පොලිසියට හා තවත් දැරියන් දෙදනකු මේ පිළිබඳ කරන්දෙණිය පොලිසියට පැමිණිලිකොට ඇත.
ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පාසල් දැරියන්ට කතාකොට ස්ත්‍රී හා පිරිමි ලිංගික අවයව පද්ධති පිළිබඳ විමසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකාර පුද්ගලයා සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති පුද්ගලයකු බවද අනාවරණය වේ.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පිටිගල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පාසල් දැරියන්ට අමුතු පාඩමක් ඉගැන්වූ ‘හලෝ පියා’ දැලේ
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





