අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සංගීතයේ පෙරළියක් කළ දෙදෙනෙක්.
අතුල මේ වෙද්දි හිරු නාලිකාවේ විකාශය වන දිවි තුරා ටෙලි නාට්‍යයටද රංගනයෙන් දායක වනවා.
සමිතා ගැන සමාජ මාධ්‍ය තුළ කතා වන්නේ ඇගේ විවාහ දිවිය සම්බන්ධයෙනුයි.
කෙසේවෙතත් සමිතා දිගු කාලයක් පුරාවට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා.
අතුල සමිතා ගැන නැවතත් කතාවක් මතුවන්නේ මේ දෙදෙනා එකතු වී කළ cover නිර්මාණයක් නිසායි.
ප්‍රවීණ ගායන ශිල්පී ආත්මා ලියනගේගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘පෙනෙන නොපෙනෙන’ ගීතය cover එකක් ලෙස අතුල – සමිතා එක්ව ගායනා කරනවා.
මෙම cover නිර්මාණයට රූප රචනයක්ද නිර්මාණය කර තිබෙනවා. මුල් ගීතයේ මෙන්ම cover නිර්මාණයේද සංගීත නිර්මාණය තිළිණ රුහුණගේ විසින් සිදු කර තිබෙනවා.
එම cover නිර්මාණයේ විශේෂත්වය තමයි මේ වෙද්දි youtube ජාලයේ ට්‍රෙන්ඩිං අංක 1කට එම ගීතය පත්වීම…..
එම ගීතය පහතින්…..






