Press "Enter" to skip to content

හදවත පිටේ එල්ලාගත් ඇය…! ❤️

ග්‍රී ලාංකික ඇය, දැනට බ්‍රිතාන්‍යයේ පදිංචි සෙල්වා නම් අවුරුදු 39 ක දෙදරු මවක්. තමන්ගෙ දෙවන දරු ප්‍රසූතියෙන් මාස කිහිපයකට පසු ඇයට දරුණු හදවත් රෝගයකට මූහුණ දෙන්නට සිදු වනවා.

වෛද්‍යවරුන් පවසන අන්දමට ඔව්න්ගෙ අවසන් නිගමනය වන්නෙ ඇය ජීවත් කරවන්න නම් කෘතිම හදවතක් ඇයට බද්ද කලයුතුය යන්නයි.

බටහිර ලන්ඩනයේ රෝහලකදි පැය 6 ක පමන ඉතා අවදානම් ශල්‍යකර්මයකට ඇයට මුහුන දෙන්නට සිදුවනවා. සැත්කමෙන් පසු සෙල්වාට සම්පූර්ණ කෘතිම හදවතක් බද්ද කරනවා.

බ්‍රිතාන්‍යය තුල කෘතිම හදවතක් බද්දකල දෙවන රෝගියා ඇය.

එම කෘතිම හදවත තිබෙන්නෙ ශරිරයෙන් පිටත ප්ලාස්ටික් පෙට්ටියක් තුල වීම තමයි විශෙශය, ඇයට ජීවත්වනට තිබෙන්නෙ කිලෝ 7 ක් බර මෙම ප්ලාස්ටික් පෙට්ටිය පිටෙ එල්ලගෙන.

වාඩිවෙද්දි හදවත උකුල මත තියාගන්නත් ඇවිදින විට එය පිටේ එල්ලා ගන්නත් ඇයට සිදුවෙනවා.

More from GossipMore posts in Gossip »