Press "Enter" to skip to content

අලුයම සිට ගෑස් පෝලිමක සිටි පුද්ගලයෙක් අසනීප වී බිම ඇද වැටිලා

අම්බලන්ගොඩ පොලිසිය අසල අද (ජන. 5) දා අලුයම සිට ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කළ බව පොලිසිය පවස යි.

අප වාර්තාකරු සඳහන් කළේ, ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් අලුයම 3.00 සිට මෙම පෝලිමට එක්ව සිටි බව ය.

එම ස්ථානයට ගෑස් සිලින්ඩර රැගත් ලොරි රථය උදැසන 9.00ට පමණ පැමිණිමෙන් පසු පොලිසිය මැදිහත්ව ගෑස් බෙදීම ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසී ය.

මෙම පුද්ගලයා එම ගෑස් පෝලිමේ සිටියදී අසනීපව බිම ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයක් මගින් බලපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව අප වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »