රජයේ ගෙවතු වගා වැඩසටහනේ මූලික අදියර යටතේ පර්චස් 20 ට අඩු ගෙවතු වල මූලික බිම් සැකසීමේ කටයුතු සඳහා රුපියල් 1500 ක් ලබාදීමට සැලසුම්කර ඇත.
මෙම ගෙවතු වගා වැඩසටහන දිවයිනේ ග්‍රාම නිලධාරි වසම් 14,000 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, පර්චස් 20ට අඩු ගෙවතු සඳහා රුපියල් 5000ක් ලබා දීමට නියමිතය.
ගෙවතු සඳහා මුදල් ලබාදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකෙරේ.
ගෙවත්තක් සකස් කිරීමට කැමැති අයවලුන් තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ලියාපදිංචි වියයුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසීය. එමෙන්ම, දැනට ගෙවතු පවත්වාගෙන අය අයටද මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.
අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අදාළ ගෙවත්ත පරීක්ෂාවට ලක් කෙරේ. කෘෂිකර්ම උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගෙන් යුතු කණ්ඩායමක් විසින් ගෙවතු පරීක්ෂා කෙරෙන අතර, තෝරාගත් ගෙවතු හිමියන්ට ගෙවතු වගාව පිළිබඳව පුහුණුවක්ද ලබා දීමටද නියමිතය. මෙම ගෙවතුවල ඒ ඒ ප්‍රදේශයට අදාළ භෝග වර්ග වගා කිරීමට නිර්දේශ ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ප්‍රදේශයට අදාළ භෝග වර්ගවලට අමතරව කරපිංචා, රම්පේ, පලා වර්ග ආදියද ගෙවතුවල වගා කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය උදිත් කේ.ජයසිංහ පැවසීය.
ගෙවතු වගා සඳහා අවශ්‍ය එළවළු පැළ සපයා ගැනීමට සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම පැළ තවාන බැගින් පවත්වාගෙන යෑමටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇත.
අරුණ






