ස්වාදීන රූපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේ නිවේදකයකු ලෙස කටයුතු කරමින් ජනප්‍රිය වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නිරෝෂන් ප්‍රෙමරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔහු අද (3) සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
එම පත්වීම අද සිටම ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇත.
නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන අතර ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස ද කලක් සේවය කළේය.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.






