Press "Enter" to skip to content

මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු  පැදියක් අනතුරට ලක්වීමෙන් යුවළක් මියගොස් තිබේ.

අද (02) අලුයම 04.30ට පමණ අනතුර සිදුව ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

යතුරුපැදිය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටී ඇති බවට පොලීසිය සැක පළකරයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක බව වාර්තා වේ.

https://youtu.be/7IDfDCTYXxo