Press "Enter" to skip to content

සමාජ මාධ්‍ය උණුසුම් කෙරු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ දෙවැනි විවාහය (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණු උපදේශක හා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පසුගියදා යළි විවාහ දිවියට පිවිසියා .පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.
 
ඔහුගේ අත ගත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ  නටාශා මාකලන්දයි. 
 
මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය. 2018 දී මහෙල පෙර විවාහයෙන් වෙන්විය.

නව විවාහ දිවියේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.