Press "Enter" to skip to content

මෝටර් රථයක් දුම්රියක ගැටී ගිනි ගනී

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උත්තරදේවී සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් වනවාසල දුම්රිය ස්ථානය අසලදී අද දහවල් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

වනවාසල දුම්රිය ගේට්ටුව හරහා අපරික්ෂාකාරි ලෙස ධාවනය වූ අදාළ මෝටර් රථය දුම්රිය සමග ඉදිරියට ඇදී ගොස් ගිනිගැනීමකට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55 ක් වන ඉංජිනේරුවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කලේ.

අදාළ මෝටර් රථයේ ගිනි ගැනීම හේතුවෙන් දුම්රියේ එන්ජිමද ගිනි ගැනීමට ලක්ව ඇති අතර එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට අදාළ ස්ථානයේ ගිනි නීවීමේ අංශයේ නිලධාරින් රැදී සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලා.

පෑලියගොඩ පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

More from UncategorizedMore posts in Uncategorized »