Press "Enter" to skip to content

අලූත යුගදිවියට පත් තරුණයා මරුට – බිරිඳටත් බරපතළයි

අලූත විවාහ දිවියට පත් තම බිරිඳ උදෑසන සේවා ස්ථානයට රැුගෙන යමින් සිටි තරුණ සැමියෙකු ගමන් කළ යතුරුපැදිය කාර්මික දෝෂයක් නිසා හදිසියේම මඟ හරස්වූ ත‍්‍රිරෝද රථයක ගැටීම නිසා තරුණ සැමියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ තරුණ බිරිඳ හලාවත මහ රෝහලට ඇතුළත් කොට ඇත.

හලාවත – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ඉහළ කොස්වත්ත, එල්. බී. ජයසේන අනුස්මරණ ක‍්‍රීඩාංගණය අසල සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හෙට්ටිපොල – කුරුඳුකුඹුර පදිංචිකරුවකු වූ කේ. ජී. සමීර සඳරුවන් (26* නමැති තරුණයෙකි. ඔහුගේ බිරිඳ වන ගනේශිකා දුලාංජලී (20) යන අය රෝහල්ගත කොට ඇත.



බිංගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ ත‍්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය අනතුර සිදුවූ ස්ථානයේදී කැඞීයෑම නිසා මාර්ගය හරහා ගිය රථයේ වේගයෙන් පැමිණි යතුරුපැදිය

ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇතයි පොලිසිය පවසයි

ත‍්‍රිරෝද රථය පැදවූ බව කියන 24 හැවිරිදි තරුණයා බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සූරියහෙට්ටි මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. රත්නායක, පො.සැ. වරුන් වන (53300* උපාලි, (62816* ප‍්‍රියන්ත යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

More from GossipMore posts in Gossip »