Press "Enter" to skip to content

පොලිසියේ 4 දෙනෙක් නොඑන ගමන් යැවූ පොලිස් නිලධාරියා ගැන මව කළ සංවේදී හෙළිදරව්ව

පොලිස් සැරයන්වරයෙකු අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදු කළ වෙඩි තැබීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පෙරේදා (24) රාත්‍රියේ සිදු කළ එම වෙඩි තැබීමෙන් තිරුක්කෝවිල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එම වෙඩි තැබීම සිදු කළ පොලිස් සැරයන්වරයාගේ මව සංවේදී හෙළිදරව්වක් සිදු කළා.

ඇය සඳහන් කළේ සිය පුතා වසර 8ක් තිස්සේ දැඩි පීඩනයකින් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් සැරයන්වරයාගේ මව සඳහන් කළේ,


“2012 ඉඳලා පුතාගේ පාදයේ අසනීපයක් තියෙනවා. එයාට මෙඩිකල් නිසා යුනිෆෝම් අඳින්න බෑ. එයාට මුල ඉඳලම එක එක කෙනෙහිලිකම් වුණා පොලීසිවලින්. ප්‍රශ්න ඇති කරලා ඇති කරලා පොලීසියේ පිටු 7ක් ලියලා දීලා ඒක විභාග කරකර ගියා. පස්සේ ඒක අතහැරලා දාලා හිටියා පුතා. සමන්තුරේ වැඩකරපු කාලෙත් දින 100ක නිවාඩුවක් නොදී තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාවට, නිකන් ඉඳන් කන්නේ’ වගේ කතා පොලීසියේ අනෙක් අය කියලා තියෙනවා. මත්පැන් ගන්නෙත් නෑ. ඔය පීඩනයෙන් අවුරුදු 8ක් හිටියේ.”

“අපිටත් දුකයි. වෙච්ච ප්‍රශ්නයටත් දුකයි. අවුරුදු 38ට කිසි මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. ඒත් දරුවා කෝල් එකක් අරන් කිව්වා නම් අම්මේ. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං වැඳලා කියනවා මගේ පුතාට. රස්සාව දාලා ගෙරද එන්න මගේ මැණික කියලා. මට කිව්වේ නෑ. පුතා පොලීසියේ වෙඩි තියන්න පටන්ගෙන කියලා ගෙදරට ආරංචි වෙලා පැයක් ගියේ නෑ පුතා ගෙදර ආවා. ඒ ආවේ මොනරාගල පොලීසියට භාරවෙන්න. මෙයා එනකොට ලාහුගලදිත් වෙඩි තියලා තියෙනවා. වැදිලා තිබුණේ නෑ. ගෙදරට ඇවිත් මට වැඳලා ගියේ. මුකුත් කිව්වේ නෑ. අපි කිව්වා මොනරාගලට යන්න එපා තවත් බාධාවෙයි ඇතිමලේ පොලීසියට යන්න කියලා.”

More from GossipMore posts in Gossip »