Press "Enter" to skip to content

පී.බී. යයි – සෙනරත් එයි

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිත අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අරුණට දැනගන්නට ලැබී ඇත.

එකී ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරන පරිදි නව ජනාධිපති ලේකම්වරයා ලෙස දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් පත්වෙනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හදුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේය.

More from GossipMore posts in Gossip »