Press "Enter" to skip to content

හැමෝගෙම හදවත් දිනූ කුරුං ගුරුන් අන්ත අසරණ වෙයි


“කෝපි කඩේ” ටෙලිනාට්‍ය වසර ගණනාවක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාව ඉතාමත් ආදරයෙන් නැරඹූ ටෙලි නාට්‍යයක් වන අතර ආරම්භයේ සිටම එම සුන්දර කෝපි කඩේ ටෙලි නාට්‍යය නැරඹූ ප්‍රේක්ෂකයන්ගෙන් කිසිදු අඩුවක් නොමැතිව ගලා ගිය සුන්දර ටෙලි නාට්‍යයක් වශයෙන් මෙය පෙන්වා දෙන්නට පුළුවන්. එකිනෙකට වෙනස් චරිත ගණනාවක් මෙම නාට්‍ය තුළ දැක ගැනීමට හැකි වන අතර ඒ අතරින් කාගේත් අවධානය යොමු චරිතයක් වශයෙන්  “කුරුං ගුරුන්” ගේ චරිතය හඳුන්වන්නට පුළුවන්.

එම චරිතය නිරූපණය කරන කේ. ඒ. පියකරු මහතා මෙරට ප්‍රේක්ෂකයා පිනවූ දක්ෂ රංගන ශිල්පියෙකු වනවා. දශක ගණනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් මෙම ප්‍රවීණ රංගන ශිල්පියා කෝපි කඩේ නාට්‍ය තුළ රඟදක්වන කුරුං ගුරුන්ගේ චරිතය නිසාම අදටත් බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ එම චරිතයේ නමිනි. අද වන විට අසනීප තත්ත්වයේ පසුවන මොහු ආර්ථික අතින් ද ඉතාමත් දුර්වල මට්ටමේ සිටින කලාකරුවෙකු වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. හොරණ උඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ඔහු ජීවත්වන එම නිවසත් සිය දියණියට අයත් නිවසක්.

75 වැනි වියේ පසුවන පියකරු මහතා අංශභාග රෝගය නිසා දෙවසරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් යෙදවීමද අද වන විට අපහසු කාර්යයක් වී තිබෙනවා. ඒ ස්ථිර ආදායමක් නොමැති වීම හේතුවෙන්.

රංගන ශිල්පී කේ. ඒ. පියකරු මහතාගේ බිරිඳ හඩමින් කියා සිටියේ,

“මුදල් පස්සේ ගියානම් හැම දෙයක්ම ඉටුකරගන්න තිබුණා. කලාව කරන අතතුර මහලු නිවාසවලට එතකොට ළමා නිවාසවලට, පන්සල්වලට හැම වැඩකටම යනවා. කළුබෝවිල රෝහලෙන් බෙහෙත් ගන්නවා. ඒවාට නම් මුදලක් යන්නේ නැහැ. ඒත් ත්‍රීරෝද රථ ගාස්තුව 8,000ක් යනවා යන්න විතරක්. කැමැති දානපති නෝනා කෙනෙක්ගෙන් හෝ මහත්තයා කෙනෙක්ගෙන් මොනවා හරි පරිත්‍යාගයක් ලැබෙනවානම් මම ගොඩක් පිං දෙනවා.”

රංගන ශිල්පී කේ.ඒ.පියකරු මහතා අවසානයේ කියා සිටියේ,

“කලාකාරයෝ උඹලා හැමදෙනාම එකතු වෙයල්ලා එහෙම නොවුණහොත් වෙන්නේ කවදාහරි මට වුණ දේම උඹලාටත් සිද්ධ වෙනවා. ‘ඕන් කිව්වා..මේන් ගියා’.”

දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ. ඒ. පියකරු මහතාට නිවසක් තනා දීමට මනුසත් දෙරණ ඉදිරිපත්ව තිබෙනවා.

අපේ රටේ ප්‍රවිණ කලාකරුවෙකු අද වන විට මෙවන් තත්වයකට පත් වී සිටිම පිළිබද සැබවින්ම අපි කණගාටු විය යුතු අතර වසර ගණනාවක් පුරාවට රංගනයෙන් අපගේ සිත් පිනවු මේ සොදුරු කලාකරුවාට පිහිටක් වන්නට හැකි වීම උතුම් ක්‍රියාවක්. ආදරණීය කතාකරුවාණෙනී ඔබට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

May be an image of 3 people and outdoors
May be an image of outdoors
May be an image of 5 people, people standing, tree and outdoors
More from GossipMore posts in Gossip »