Press "Enter" to skip to content

පියා සහ බාප්පා පහරදී 14 හැවිරිදි දියණිය ඝාතනය කරයි

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබෙනවා.

එම දඬුවම ලබාදී ඇත්තේ ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් බව මේ වන විට අනාවරණය වී තිබේ.

පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ.

අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන් වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

එලෙස මිගොස් ඇත්තේ, 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති ගම්පොළ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ සිසුවියකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

More from GossipMore posts in Gossip »