Press "Enter" to skip to content

ඉන්ධන මිල ඉහළ දමයි – 92 පෙට්‍රල් දැන් රු.177යි

ඔක්ටේන් 92 පෙට්‍රල්  ලීටරයක නව මිල රුපියල් 177යි

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 177කි.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි නව මිල වනුයේ රුපියල් 207ක්.

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.

මේ අතර භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 87කි.

More from GossipMore posts in Gossip »