Press "Enter" to skip to content

වයස අවුරුදු 12ක් වූ ගැබිනියකගේ මළසිරුරක් කැලෑබද ප්‍රදේශයකින් හමුවෙයි

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් වයස අවුරුදු 12ක් වූ දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ණයෙන් හෙළිවී තිබේ.

එම දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් දැරිය මරණයට පත්වන්නට ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

වයස අවුරුදු 12ක් වූ යෝගරාසා නිදර්සනා දැරිය පසුගිය 15 වනදා අතුරුදන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකදී ඇගේ නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළසිරුර පසුගිය 18 වනදා ‌සොයාගනු ලැබීය.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර දැරිය ගැබිනියක් වූ දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදුවූ කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනයවීමකින් දැරිය මරණයට පත්ව ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

More from GossipMore posts in Gossip »