Press "Enter" to skip to content

පොහොය දින සිල් සමාදන්වී නිවසට එමින් සිටි සිව්දරු මවක් දූෂණය කළ නරුමයා

පසුගිය උඳුවප් පුර පසළොස්වක පොහෝද (18) බුද්ධම රජ මහා විහාරයේ සිල් සමාදන්වී නිවසට එමින් සිටි පනස්දෙහැවිරිදි සිව්දරු මවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 34 හැවිරිදි දෙදරු පියෙකු ගොවිඳුපුර පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

අතවරයට ලක්වූ කාන්තාව සිය දසහැවිරිදි මිණිපිරිය සමඟ පන්සලේ සිට නිවසට එමින් සිටියදී අතරමඟ රැකසිටි පුද්ගලයෙකු කාන්තාව ළඳු කැළෑවකට ඇදගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බව ඇය පොලීසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර සැකකරු අද (20) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »