Press "Enter" to skip to content

මහනුවරම හඬවමින් එකම පාසැලේ සිසුවියන් දෙදෙනකු කර ගත් අපරාධය

මහවැලි ගඟට පැන සිය දිවි හානිකරගත් බවට ඉකුත් (15) වාර්තා වූ පාසල් සිසුවිය අධ්‍යාපනය ලද  මහනුවර ඉහළම පෙළේ බාලිකා විද්‍යාලයේ තවත් උසස්පෙළ සිසුවියක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වුනා.

මහනුවර ගලහ අන්නාසිවත්තේ පදිංචිව සිටි මෙම 19 හැවිරිදි තරුණිය ඊයේ රාත්‍රියේ ගිනි තබාගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පිලිස්සුම් සහිතව රෝහල වෙත රැගෙන එන විටත් ඇය මියගොස් තිබුණි.

ඊයේ ගිනි තබාගෙන මිය ගිය දැරිය එසේ මියගොස් ඇත්තේ ඇයගේ සහෝදරයා විසින් ඇයගේ ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමට යෑමෙන් උරණ වීම නිසා යැයි වාර්තා වුණු බව පොලිසිය කියයි.

ඇයගේ පිලිස්සුණු  සිරුර මේ වනවිටත් පේරාදෙණිය රෝහල් මෘත ශරීරාගාරයේ ඇති බවත්  ගිනි තබාගෙන මියගිය තරුණ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවම ආරම්භ කර නැති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර මෙම පාසලේම 11 වසරේ සිසුවියක් පසුගිය 09 දා සිට අතුරුදහන් වී ඇතැයි ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුනත්  ඇය මහවැලි ගඟට පැන ඇති බවට යම් යම් තොරතුරු ප්‍රකාශ වී  ඇතත් ඒ සම්බන්ධව තවමත් නිශ්චිත සාධක නොමැති බව පොලිසිය කියයි.

ඛේදවාචකයන් වූ මෙම සිදුවීම් දෙකටම හේතුව ජංගම දුරකථන අනිසි භාවිතාය බව හෙළි වී තිබේ.

More from GossipMore posts in Gossip »