කවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මවුපිය උරුමයෙන් දායාද වුණු ඒ මියුරු කටහඬ තුළින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන දක්ෂ කලාකාරිනියක්. ඇය දක්ෂ එක්තරා ක්ෂේත්රයකට පමණක් නෙවෙයි. රඟපෑම අතිනුත්, නර්තනය අතිනුත්, නිවේදනය අතිනුත් ඇයට තියෙන්නේ අපූරු දක්ෂතාවයක්.
රංගන ශිල්පිනියක් විදිහට ඝරසරප සිනමා පටයෙන් මුලින්ම අපිට කවින්ද්‍යා ව දැක බලාගන්න අවස්ථාව උදා වුණා. ඉන් අනතුරුව සක්කාරං ටෙලි වෘත්තාන්තය හරහාද අපිට ඇයගේ විශිෂ්ඨ රංගන කුසලතාවය දැකබලා ගන්නට හැකි වුණා.
ඝරසරප සිනමා පටයේ කාවින්ද්‍යා දැක්වූ අද්විතීය රංගන කුසලතාවය නිසා ඇය විශේෂ ඇගයීමකට ලක් වුණා. ඊට අමතරව රූපවාහිනී විවිධ විනෝදාත්මක වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවක් වශයෙනුත් කාවින්දයව හඳුන්වන්නට පුළුවන්.
අම්මයි මල්ලියි පවුලට අලුතෙන් සමිතාගෙන් සැමියා විදිහට එකතු වුණු චිරන්ත සමග ඉතාමත් ආදරණීය කාලයක් ගත කරන කාවින්ද්‍යා තමන්ගේ සැබෑ පියා වන අතුල අදිකාරි මහත්මයා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නත් අමතක කරන්නේ නැහැ.
සැබෑ පියා වන අතුල අදිකාරි තමන්ගේ ආදරණීය දියණියට පණ වගේ ආදරෙයි. එක්තරා දවසක ඇය සහ ඔහු වැඩසටහනකට සහභාගී වෙමින් යුග ගීතයක් ගායනා කරනවා. මේ ආකාරයෙන් යුග ගීතයක් ඔවුන් දෙදෙනා ගායනා කරන්නේ ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රථම වතාවට. ඒ අවස්ථාවේදී හිමියෝ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම ඔවුන් දෙදෙනාගේ ගීතයක් නිර්මාණය කරන්නන් දෙදෙනා සාකච්ඡා කරමින් පවතිනවා කියලා කාවින්ද්‍යා සදහන් කළා.
පසුගිය දවසක නොසිතූ වෙලාවක වේදිකාවට ඇවිල්ලා මේ ආදරණිය තාත්තව පුදුම කරන්න කාවින්ද්‍යා අමතක කළේ නැහැ. තාත්තත් එක්ක තියෙන අපූරු බැඳීම සිහිපත් කරලා ඔහුත් එක්ක ගත්ත ඡායාරූපයක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ අපූරු කැප්ෂන් එකක් යොදා ගනිමින්.
ඇය එහි සඳහන් කරලා තිබ්බේ හැමෝටම මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න බැහැ කියලයි. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් එය සඳහන් කර තිබුණේ පහත ආකාරයටයි.
‘Not every one gets a hot dad’
ඉතින් මේ ආදරණීය දුවටයි, තාත්තටයි ඔවුන්ගේ ඉදිරි ජීවිතය දිනෙන් දෙන ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.






