තම මතට ලොල් සැමියා මට්ටු කිරීමට දුන් දඬුවමින් අමාරුවේ වැටුණු බිරිඳක් ගැන පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබේ.
දවස පුරා වෙහෙස මහන්සිවී රෑ බෝවී නිවසට එන ඔහු එන්නේ නිකන්ම නොවේ, ෂොට් එකක් දෙකක් දාගෙනය. ඒ ගමේ බඩුය.
ඔහු ගතේ මහන්සිය නිවා ගන්නේ එසේය.
හෙතෙම පුරුද්දකට මෙන් රාත්රි කෑම ගන්නාවිට භාර්යාව සමග රණ්ඩු සරුවල් ඇතිකර ගනියි.
බොහෝ දිනක එය අවසන් වන්නේ භාර්යාවට තඩි බෑමෙනි. රාත්රි කෑමෙහි ලුණු අඩු හෝ වැඩි වීම මේ දබරයට ආසන්නතම හේතුවවන අතර මීට වෙනස් කාරණා නැත්තේම නොවේ. ඒවා ඉතා අල්පය.
සැමියාගේ මෙම තඩි බෑම් ඉවසනු බැරිම තැන එක් දිනක රාත්රියේ ඇය තමාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පහර දෙන්න සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ අත තදින් සපාගෙන සිටියාය.
ඇය අත කොතෙක් තදින් සපා කෑවා දැයි කිවහොත් ලේ පනිනතෙක්ම අත් හැරියේ නැත.
භාර්යාවගේ කටෙන් අත මුදා ගැනීමට ඔහු ඇගේ කෙස් වැටිය අතහැර ඇයගේ කට මිරිකා අත මුදාගෙන පස්ස නොබලාම දිව්වේය. ඒ පසුපස බිරිය දිවගියේ ඔහේ හිටු කියමිනි.
ඔහු ගේ වටේම දිවගිය අතර භාර්යාවද ඔහුගේ පස්සෙන්ම පැන්නුවාය. දිව යාමට නොහැකි වූ තැන ඔහු හතිලමින් නැවතුණේය.
පස්සෙන් පන්නාගෙන ආ භාර්යාව ඔහුගේ අත අල්ලාගෙන එහි හිරවී තිබූ බොරු දත් දෙකතුන ගලවා ගත්තේ මේ දෙදෙනාගේ ධාවනය බැලීමට පැමිණි සිටි අසල්වාසීන්ටද පෙනෙන ලෙස දැඩි අපහසුතාවට පත්වෙමින් වන අතර ගම්වැසියන් බිරිඳගේ ඇත්තේ බොරු දත් කුට්ටමක් බව දැන ගත්තේ එදාලු.






