ෆයිසර් එන්තේ මාත්‍රා තුන ම ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන බව ඊශ්‍රායල පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, එම පර්යේෂකයින් ප්‍රකාශයට පත් කර ඇති මෙම තොරතුරු මීට සතියකට පෙර BioNTech සහ Pfizer සමාගම් ඉදිරිපත් කළ වාර්තාවලට සමාන බව ය.
ඔමික්‍රෝන් කොරෝනාවෛරස ප්‍රභේදය ආසාදානය වීමෙන් ආරක්ෂා වීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම වැදගත් බව BioNTech සහ Pfizer සමාගම් මීට සති දෙකකට පෙර පවසා තිබිණි.
මාස 5-6කට පෙර කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා ගත් පුද්ගලයින් 20 දෙනෙකු සහ මසකට පෙර බූස්ටර් කොවිඩ් එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල යොදා ගෙන මෙම අධ්‍යයනය සිදු කර ඇත.
එම අධ්‍යයනය ඊශ්‍රායලයේ ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මධ්‍යම වෛරස පිළිබඳ විද්‍යාගාරය (The Health Ministry’s Central Virology Laboratory) මගින් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.






