බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු තිස්දෙදෙනකුට කොවිඩ් ආසාදිතව ඇති බව ඊයේ (07 වැනිදා) තහවුරු වූ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක පැවසීය.
මෙම ළමා නිවාසයේ දූ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් පනස් දෙකක් සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙසේ තිස් දෙදෙනකු ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
මෙම ළමා නිවාසයේ පරිවාස භාරයේ සිටින අවුරුදු පහට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවද බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක වැඩිදුරටත් පැවසීය.
සමන් පාලිත – හල්දුම්මුල්ල






