“මූ” ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් -19 ප්‍රභේදයක් පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
B.1.621 හෝ “මූ” ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය මුලින්ම හමුවී ඇත්තේ කොලොම්බියාවෙනි. ඒ මේ වසරේ ජනවාරි මාසයේදීය.
විකෘතීන් රාශියකින් යුක්ත වන මෙම ප්‍රභේදය, කොවිඩ් මර්දන එන්නත්වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පෙන්නුම් කරන බවත්, මේ පිළිබඳව තේරුම් ගැනීමට වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් WHO සංවිධානය කියා සිටියි.
“මූ” වෛරස ප්‍රභේදය ගෝලීය ව්‍යාප්තිය අනුව 0.1% ට අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන නමුත්, කොලොම්බියාව තුළ එහි ව්‍යාප්තිය 39%කි.
“මූ” ඇතුළු කොවිඩ්-19 වෛරස් ප්‍රභේද 5ක් සම්බන්ධයෙන් WHO සංවිධානය දැඩි අවධානයෙන් පසුවෙයි.






