රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් 58 දෙනකුට අධීක්ෂණ මන්ත්‍රීධුර පිරිනමා ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ වගකීම වන්නේ රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන නිශ්චිත ව්‍යාපෘති අධීක්ෂණය බව පැවසේ.
මේ අයගේ පත්වීම් ලිපි පසුගිය දිනවල මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද, මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට අදාළ අධීක්ෂණ කටයුතු සඳහ හිමිවන වරප්‍රසාද මොනවාද යන්න මෙතෙක් හෙළිව නොමැත.
මූලාශ්‍රය – දේශය






