මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 3812ක් හඳුනාගෙන තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 416182ක් ලෙසටයි.
හමුවී ඇති ආසාදිතයන්ගෙන් 51,022ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 353,191ක්.
ඒ අද දිනයේ රෝහල්වලින් පිටව ගිය 2122ත් සමගින්.
කොරෝනා වෛරසය ආසාදිත මරණ 8157ක් ද ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙනවා.






