දීර්ඝකාලීනව රට වසා දැමීම ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.
කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ජනතාවගේ ද සහාය අවශ්‍ය බව හෙතෙම සදහන් කරයි.
රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් පරාජය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරගෙන යන කාර්යභාරය අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.






