මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරී ඇති වගකීම් 6 සපුරාලන විශේෂඥ කමිටු 6ක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.
ඒ අනුව, වසංගත රෝග ඒකකයට ප්‍රධාන වගකීම් 6ක් පැවරෙන අතර රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය මෙලෙස පෙන්වා දී තිබේ.
රෝග ආවේක්ෂණය
වසංගත පාලනය
එන්නත්කරණ ක්‍රියාවලිය කළමනාකරණය
සායනික ප්‍රතිකාර කළමනාකරණය
රෝග පාලන පර්යේෂණ
අධීක්ෂණය සහ ඇගයීමඉහත වගකීම් වසංගත රෝග විද්‍යා ඒකකය කළමනාකරණය කිරීමට අසමත් වී ඇති අතර අවසන් වගකීම් දෙක කෙරෙහි මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.






