මේ වන විට ශ්‍රී ලංකාවේ දරුවන් 45,831 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.
ඇය ප්‍රකාශ කළේ, වයස අවුරුදු 10ට අඩු දරුවන් 19688 දෙනෙකුට සහ අවුරුදු 10ත් 18ත් අතර දරුවන් 26143 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බවය.
ඔවුන් අතරින් දරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.
ඉන් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වීම විශේෂත්වයකි.
ඒ අනුව, වයස අවුරුදු 5ට අඩු දරුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුරුවරුන් එන්නත් කිරීමෙන් පසුව පාසල් ආරම්භ කිරීමට රජය සැරසෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය.






