ෆයිසර් බයෝටෙක් එන්නතෙහි ආසාදන වැළැක්වීමේ ඵළදායීතාව අඩු වී ඇති බව ඊශ්‍රායලය පවසනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ එම එන්නත සතු ආසාදන හා රෝග වැළැක්වීමේ ඵළදායීතාව සියයට 64 ක් දක්වා පහත වැටී ඇති බවයි. කෙසේවෙතත් බරපතල රෝගාබාධ වැළැක්වීම සදහා එම එන්නත ඉතා ඵළදායී බවද ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.
තමන් සතු ෆයිසර් බයෝටෙක් එන්නත් අතිරික්තය වෙනත් රටකට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින බව මීට පෙර වාර්තා වුණා. එන්නත් මාත්‍රා මිලියනයක පමණ අතිරික්තයක් ඊශ්‍රායලය සතු බවටයි එම වාර්තා අනාවරණ කළේ.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ මෙම නව ප්‍රකාශය සම්බන්ධයෙන් ෆයිසර් එන්නත් නිෂ්පාදකයින් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. එමෙන්ම ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව සාර්ථකව භාවිත කල හැකි එන්නතක් ලෙසයි ෆයිසර් එන්නත හැදින්වෙන්නේ. ලොව සාර්ථකම කොරෝනා මර්දන එන්නත්කරන වැඩසටහනක් ක්‍රියාත්මක රටක් වන ඊශ්‍රායලය ද එරට ජනගහනයෙන් සියයට 60 කට පමණ ලබා දී ඇත්තේ ෆයිසර් එන්නතයි. එහෙත් මේ වනවිට යලිත් ඊශ්‍රායලයෙන් ද සැලකිය යුතු ලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතිනවා.






