මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 110 ක් අතරින් 77 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම ආසාදිතයින් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් 21 දෙනෙකු ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
මේ අතර පවුල් 580 ක් පමණ ජීවත්වන කැලණිය නාහේන ප්‍රදේශය හුදකලා කර දින 16 කාලයක් ඉක්මගොස් ඇතත් රුපියල් 5,000 දීමනාව හෝ වෙනත් සහනාධාරයක් මෙතෙක් නොලැබීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත විය.
එම ස්ථානයට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැමිණි අතර හෙට (21) දිනය වනවිට හුදකලා තත්ත්වය ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කෙරුණි.






