කොරෝනා ප්‍රභේද අතරින් ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේදයක් වන අතර එය බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා 50%කින් වේගවත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජූනි 18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
කොරෝනාවෛරෙස් ප්‍රභේද සිය ගණනක් පැවතිය ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මූලිකව අවධානය යොමු කළ යුතු ප්‍රභේද හතරක් නම් කර ඇත.
ඒවා, ඇල්ෆා (බ්‍රිතාන්‍ය ප්‍රභේදය), බීටා (දකුණු අප්‍රිකා ප්‍රභේදය), ගැමා (බ්‍රසීල ප්‍රභේදය) සහ ඩෙල්ටා (ඉන්දියානු ප්‍රභේදය) යන ප්‍රභේදයි.
ශීඝ්‍රයන් පැතිරයාම, දරුණු රෝග ලක්ෂණ ඇති වීමේ හැකියාවක් පැවතීම සහ එන්නත්වලට දක්වන ප්‍රතිශක්තිය අඩු වීම යන හේතු මත ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ප්‍රභේදවලට මුලික අවධානය දිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බව මහාචාර්යවරිය සඳහන් කළාය.
ඇය සඳහන් කළේ, දැනට ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දියානු ප්‍රභේදය) රටවල් 80 ගණනක හඳුනාගෙන ඇති බවය.
එමෙන් ම, ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ට දරුණු රෝගී තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙසේ පැවසීය.
“ඇල්ෆා ද බීටා ද ගැමා ද ඩෙල්ටා ද යන දරුණු ප්‍රභේද හතරක් තිබුණට දැනට තිබෙන සෑම කොවිඩ් එන්නතක් ම ඕන ම ප්‍රභේදයකට දරුණු රෝග තත්ත්වයකට පත් වීම එහෙම නැත්නම් මිය යාමේ හැකියාව ඉතාමත් සාර්ථක ලෙස මැඩ පවත්වනවා. ඒ නිසා එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත්.”
මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, එන්නත ලබා ගැනීම මෙන් ම මුව ආවරණ භාවිතය, සාමජ දූරස්ථභාවය යන සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කිරීම වැදගත් බවය.
මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පමණක් ප්‍රමාණවත් ද යන්න පිළිබඳව මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට මහචාර්යවරිය මෙසේ පිළිතුරු ලබා දුන්නාය.
“තමන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන තමන්ට එම රෝගය නොවැළඳීමත් තමන්ගෙන් වෙනත් අයට මෙය නොවැළඳීමටත්. එතකොට ඔය සමාජ දූරස්ථභාවය ඉතාමත් ම වැදගත්,”
“වූහාන් ප්‍රභේදයත් එක්ක සන්සන්දනය කරනකොට දරුණු රෝග ලක්ෂණ ඇති වීමේ සම්භාවිතාව වැඩි ඒ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය හැදෙන හැමෝට ම දරුණු රෝග ලක්ෂණ ඇති වෙනවා කියන එක නෙවෙයි.
ඩෙල්ටා ප්‍රභේදයෙන් වුණත් බහුතරයකට ඇති වෙන්නේ සුළු රෝග ලක්ෂණ තමයි. ඒ වුණාට දරුණු රෝග ලක්ෂණ එන ප්‍රතිශතය වැඩි වෙන එකයි වෙන්නේ. අනුගමනය කරපු උපක්‍රම එලෙසින් ම අනුගමනය කිරීම තමයි වැඩිපුර ම සුදුසු,” යනුවෙන් මහචාර්යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාර පරීක්ෂණවලින් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ගැනීමේ අපහසුතාවක් පවතින බව මෙහිදී තවත් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.
“ඇයි දන්නේ නැහැ එහෙම එකක් කියන්න හේතුව. අපිට මේ අවස්ථාවේ මුළු ලංකාවෙ ම නියැදි හම්බ වෙනවා. ඒ කියන්නේ රත්නපුරෙන්, කරාපිටියෙන්, මඩකලපුවෙන් වගේ හැම ස්ථානයකින් ම සාම්පල් එනවා. එතකොට අපි ඒවා දිගින් දිගට ම ජාන විශ්ලේෂණ පරීක්ෂණයට ලක් කරනවා.
එතකොට මොකක් හරි තැනක රෝගීන් වාර්තා වෙන ශීඝ්‍රතාවක් දැක්කොත් එතන වැඩිපුර කරනවා. මේ අවස්ථාව ගත්තොත් ඩෙල්ටා ප්‍රභේදය කොළඹින් දැක්කේ එතකොට කොළඹ ගැන වැඩිපුර අවධානයක් යොමු කරනවා. දෙමටගොඩ හැර අනෙක් ප්‍රදේශවලත් මෙම ප්‍රභේදය තියෙනව ද? සහ අවට ගම්පහ ප්‍රදේශවලත් තියෙනව ද? කියල අපි එතකොට වැඩිපුර අවධානය යොමු කරනවා එහෙම ප්‍රශ්නයක් තියෙන තැනට. ඒ හැරෙන්න මුළු ලංකාවෙ ම නියැදි ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කරනවා. ඒ වුණාට අවශ්‍ය තැනට තමා මූලික අවධානය දෙන්නේ,” යනුවෙන් මහචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පිළිතුරු දුන්නාය.






