Press "Enter" to skip to content

ජනතාව වගකීම භාර ගෙන අපි අපි ම සංචරණ සීමාවන් ආරක්ෂා කර ගැනීමේ හා වගකීම භාර ගැනීමේ ක්‍රමෝපායක් ඉදිරියේදී

සංචරණ සීමාවලින් ඉවත් වීම සඳහා ක්‍රමෝපායක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (ජූනි 17) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී සංචරණ සීමාවලින් ඉවත්වීමට ක්‍රමෝපායක් සකස් කිරීමට පියවර අරගෙන තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. එහිදීත් අපි බලාපොරොත්තු වන්නේ නීතියෙන් කරනවාට වඩා ජනතාව මේකෙ වගකීම භාර ගෙන අපි අපි ම සංචරණ සීමාවන් ආරක්ෂා කර ගැනීමේ වගකීම භාර ගැනීමේ පදනමින් නිකුත් කරන ක්‍රමෝපායක් වෙන්න ඕන.”

තව ද ඔහු පැවසුවේ, සෞඛ්‍ය සේවය හෝ වෙනයම් නියාමන ආයතන මගින් මුර කිරීමේ ක්‍රියාවලිය මේ සඳහා සාර්ථක නොවන බව ය.

“සෞඛ්‍ය සේවයට මේ මුර කිරීමේ ක්‍රියාවලියේ බර වුණත් දෙන්න එපා. අනෙකුත් ආයතන මේකේ වගකීම අරගෙන මේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්න,” යනුවෙන් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව අවසානයේදී එහි දෝෂ දර්ශනය පමණක් සෞඛ්‍ය අංශ වෙත යොමු වුණහොත් එය සෞඛ්‍ය සේවකයන් මේ දක්වා කළ කැපකිරීම්වලට ද මදිකමක් වන අතර එම නිසා ජනතාවගේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය බව ද වෛද්‍යවරයා පැවසීය.

Mawbima.lk