Press "Enter" to skip to content

ගම්පහින් ආසාදිතයන් 687ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 687 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

වැඩිම ආසාදිතයන් ගණන බියගමින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 90කි. බියගමින් ආසාදිතයින්- 81 දෙනෙකුද, දොම්පෙ – 78 ක්, රාගමින් – 63 ක්, කටානෙන් – 50 ක්, කැලණියෙන් – 46 ක්, සීදූවෙන් – 43 ක්, මීගමුවෙන් – 41 ක්, වත්තලින් සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 39 දෙනකු බැගින් ද , මීරිගමින් – 30 ක්, දිවුලපිටියෙන් සහ ජාඇලින් – 27 ක්, අත්තනගල්ලෙන් – 25 ක්, මිනුවන්ගොඩින් – 8 දෙනකු වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුව ඇත.