මෙරට ප්‍රදේශ දහයකින් ලබා ගත් ජෛව සාම්පල ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කිරීමේ දී බි්රතාන්ය වෛරස් ප්‍රභේදය ( බී 117 ඇල්ෆා ප්‍රභේදය* මෙරටින් හඳුනාගත් කොරෝනා ප්‍රභේදය අභිබවා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවට අනාවරණය වූවේ යැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (10 වැනිදා* සඳහන් කළේය.
කොළඹ, මඩකලපුව, ති‍්‍රකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, මාතර, හබරාදුව, තිස්සමහාරාම, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් මෙසේ බි්රතාන්ය වෛරසය පැතිරීම හඳුනාගෙන ඇත.
එසේම ඉන්දියානු වෛරස් ප්‍රභේදය වන බී. 1.617.2 ඩෙල්ටා ප්‍රභේදය වැලඳී ඇති තවත් පුද්ගලයකු මෙරටින් හඳුනාගත් බවද කී චන්දිම ජීවන්දර මහතා ඔහු ඉන්දියාවේ සිට පැන වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනා ගැනීමට හැකි වූ බව ද කීය.
දැනට මෙරටේ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බි්රතාන්ය වෛරස් ප්‍රභේදය මුලින්ම චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ ප්‍රභේදයට වඩා ව්‍යාප්ත වීමේ වේගය සියයට 50කින් වේගවත් මෙන්ම සියයට 55ක ඉහළ මාරාන්තික තත්ත්වයක් පවතින බව ද පෙන්වා දුන් චන්දිම ජීවන්දර මහතා කෙසේ වෙතත් දැනට මෙරට කි‍්‍රයාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව යොදා ගනු ලබන එන්නත් වර්ග තුනම එම වෛරසයට එරෙහිව සාර්ථකව ප්‍රතිශක්තිය ඇති කරන බවද පැවසීය.






