වසංගත රෝග විද්‍යා ඒකකය විසින් මෙරට කොරෝනාවෛරසය පැතිරී ඇති අධිඅවදානමක් සහිත ප්‍රදේශ පිළිබඳ තොරතුරු ඇතුළත් නවතම සිතියම නිකුත් කරනු ලැබ තිබේ.
මැයි මස 20 වන දා දක්වා සති දෙකක කාලයක් තුළ කොරෝනාවෛරස ආසාදිතයින් වාර්තා වුණු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අයත් ප්‍රදේශ එම සිතියමෙහි දැක්වේ.
එහි සටහන් වන ආකාරයට මාන්තෙයි නැගෙනහිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් සහ වැලිඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් එම කාලය තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.
එහි රතු පැහැයෙන් අධිඅවදානම් කලාප ද කොළ පැහැයෙන් අඩු අවදානම් කලාප ද සටහන් කර තිබේ.
සම්පූර්ණ සිතියම මෙතැනින් බලන්න.
COVID-19 Distribution in MOH Areas







