Press "Enter" to skip to content

කළු දිලීර රෝගව වැලදීමේ මුලික හේතුව පිරිසිදු නොමැති මුව ආවරණ පැළඳීමයි – වෛද්‍ය විශේෂඥයින් කියයි

දීර්ඝ කාලයක් තිස්සේ එකම මුව ආවරණය පැළඳ සිටින රෝගීන් තුළ කළු දිලීර රෝග ලක්ෂණ සොයාගෙන ඇති බැවින් සෑම දින 3 කට වරක් ඔබේ මුව ආවරණ වෙනස් කරන ලෙස වෛද්‍ය සංජය පෙරේරා මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දියාවෙන් මතුවූ කොවිඩ් රැල්ලත් සමග කළු දිලීර රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් එරට සෞඛ්‍ය කේෂ්ත්‍රය තුල දැඩි අර්බුදයක් ඇති වුවා.

මෙම කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් සොයා ගනු ලැබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. ඒ අම්පාර ප්‍රදේශයෙන්.

කළු දිලීර රෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ පුද්ගලයින් එකම මුව ආවරණය දින ගණන් මාරු නොකට පැළඳීම ඇතුළු දුර්වල සනිපාරක්ෂක ක්‍රියාකාරකම් කොවිඩ් ආසාදනය වූ සහ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට කළු දිලීර රෝගය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.

ඉන්දියාවේ දෛනිකව කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගීන් 2-3 දෙනෙකු වාර්තා වන බවත් දෛනිකව එම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි එරට වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

මේ හේතුවෙන් ඔබ මුව ආවරණයක් භාවිතා කරන්නේ නම් එය පිරිසිදුව භාවිත කිරීමට සහ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමට පියවර ගැනීමෙන් කළු දිලීර වැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂා වීමට හැකිය.