ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.
අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා මේ බව පැවසීය.
“ඔබ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත්නම් සයිනොෆාම් එන්නත ලබාගන්න එපා. එය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කරන්නේ නැහැ. ඔබට කොවිඩ් රෝගය වැලඳුනත් ඔබ එන්නත ලබා ගැනීම වැදගත්. එන්නත් ලබාදීම මගින් පමණක් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකියි. ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත්. මේක තවමත් අපිට පාලනය කළ හැකියි. නමුත් ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා”.






