Press "Enter" to skip to content

මෙරට එන්නත්කරණයේදී වසංගත රෝග අංශයේ තීරණවලට මා එකග නෑ…- වෛද්‍ය පර්යේෂණ ආයතන ප්‍රධාන ප්‍රතිශක්තිවේදී

එන්නත්කරණය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ තීරණයට තමන් එකඟ නොවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙරට එන්නත්කරණය ගැනත් තමන් අදහස් දැක්වීමට අකමැති බව ද ඔහු පවසයි.

දැනට පවතින දත්ත අනුව කොරෝනා වෛරසය සඳහා ඇති හොඳම එන්නත ෆයිසර බයෝටෙක් බවත් ඔහු පෙන්වා දෙයි.

අස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් ලබා දිය හැකි බව ද ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.