අද (මැයි 1) දිනයේ තවත් කොරෝනාවෛරස ආසාදිතයින් 395 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව, අද දිනයේ මෙරටින් වාර්තා වන කොරෝනාවෛරස ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහළ යනු ඇත.
එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම ආසාදිතයින් ගණන ද වෙයි.
ඊයේ (අප්‍රේල් 30) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් ගණන 1,662ක් වේ.






