Press "Enter" to skip to content

කොරෝනා පාලනයට GMOA ඉදිරිපත් කළ විශේෂ යෝජනාවලිය මෙන්න

කොරෝනාවෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සමග පවත්වන ලද සාකච්ඡාවේදීය.

මෙවැනි වසංගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන ප්‍රධාන අංශ 3 ම ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වීම වැදගත් බව මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත.

තවද, විදේශිකයන් නිරෝධායනය සඳහා මෙරටට ගෙන්වා ගැනීම මගින් නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුළු වීමට ඇති අවදානම ඔවුන් පෙන්වා දී තිබේ.

මෙවන් හදිසි අවස්ථාවකදී රෝග පාලනය සම්බන්ධ තීරණ ගැනීමේදී සෞඛ්‍ය විශේෂඥ මතය සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කම ද එහි දී ඔවුන් පෙන්වා දී ඇත.

ඔවුන් ඉදිරිපත් කළ එම යෝජනාවලිය පහතින් දැක්වේ.