COVID-19 හා සම්බන්ධ හුස්ම ගැනීමේ සංකූලතා ඇතිවනවා සේම, කොරෝනා වයිරසයෙන් ඇතිවිය හැකි තවත් අවදානමක් සොයාගෙන ඇත එනම් ජීවිතයට තර්ජනයක් වන ආඝාතය හෘදයාබාධ වලට හේතු විය හැකි රුධිර කැටි ගැසීමේ තත්වයයි.
කොරෝනා ආසාදනය වී සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුව ඇති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
එනම් සුවය ලබා සිටින පුද්ගලයින් පිරිසක් සහභාගි කරගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ රුධිර වාහිනී තුල රුධිරය කැටි ගැසීමේ වැඩි හැකියාවක් පවතීන බවයි. සිංගප්පුරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා..






