Press "Enter" to skip to content

‘‘නව කොරෝනා ප්‍රභේදය වාතයෙන් බෝවිය හැකියි‘‘ – මහාචාර්ය නීලිකා මලවිගේ

ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැත්වු ‘කොවිඞ් 19’ පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.


මීට පෙර වාර්තා වු කොවිඞ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.